කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය නැවැත හෙට (14) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.
ඒ මහතා එ බව පවසා සිටියේ අද (13) දින එම කාර්යාලය විස බිජහරණයට සිදු කරන අවස්ථාවේදිය.
ඒ මහතා මෙසේද පැවසීය,
පසුගියදා මෙම කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයන් කිපදෙනෙකු හමුවිමත් සමග මහජන ආරක්ෂාව වෙනුවෙන් කාර්යාලය සෞඛ්‍ය උපදෙස් මත දෛනික කටයුතු තාවකාලික නවතා දැමුවා . ඒ අනුව මෙම කාර්යාලයේ සියලුම නිලධාරින් පි.සි.ආර්. පරික්ෂණ සදහා කිප අවස්ථාවක්ම යොමු කලා. ඒ අයගෙන් කිසිවෙකුට කොවිඩ් 19 ආසාදනය වි නොමැති විමත් කාර්යාලයේ සියලු දෙනා නිවාසවල ස්වයං නිරෝධායනයට දින 14ක් ලක්වුනා. එම නිසා මෙම කාර්යාලයත් දින 14ක් විවෘත කලේ නැ. අද දින කාර්යාලය සහ ඒ අවටත් මේ අසන්නයේ ඇති ප්‍රදේශිය සභාවත් පුර්ණ විෂබිජ හරණයකට ලක් කරනවා. අපි හෙට දිනයේ සිට සෞඛ්‍ය නීතිරිති වලට අනුගත වෙමින් මහජනතාව වෙනුවෙන් කර්යාලය නැවැත විවෘත කරනවා. මෙහි පැමිණිමට කිසිදු බියක් සැකයක් ඇති කර ගත යුතු නැත. එම නිසා තම සේවාවන් ඉටු කර ගැනිම සදහා සෞඛ්‍ය නීතිරිති අනුගමනය කර පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි වැඩිදුරටත් ලංකාපුර ප්‍රාදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පැවැසිය.
