රූපලාවණ්‍ය, විනෝදාස්වාද යන ක්ෂේත්‍ර අපේ අමාත්‍යාංශයට යටතට ගෙන සේවා තත්ත්වය ඉහළ නංවනවා
‘රූපලාවණ්‍ය - විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදීම් ද සහිතව ඒවායේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද (2) සිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති රූපලාවණ්‍ය ක්ෂේත්රයේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය උසස් තත්ත්වයකට ගෙන ඒම පිණිස වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව හා මහජන බැංකුව යන රාජ්‍ය ආයතන සහ මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛතම සංගම් කිහිපයක නියෝජිතයන් අතර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
කර්මාන්ත අමාත්‍යාංශයට අදාළ පනත සංශෝධනය කර හෝ දැනට පවතින නීති යටතේ පනවන ගැසට් නිවේදන මගින් හෝ ඉහත නව කර්මාන්ත ක්ෂේත්‍ර පවරා ගනිමින් ඒවා විධිමත් තත්ත්වයකට පත් කර කර්මාන්ත ක්ෂේත්‍ර ලෙස පිළිගැනීමක් ලබා දෙන බව ද විමල් වීරවංශ ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.
එමගින් රූපලාවණ්‍ය, විනෝදාස්වාද වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර හා සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තම සේවාදායකයන්ට ප්‍රමිතියෙන් ඉහළ සේවයක් සපයමින් තම වෘත්තීය මට්ටම ද ඉහළ නංවාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉහත සාකච්ඡාවට රාජ්‍ය ආයතන නියෝජනය කරමින් වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ (පුහුණු) ජයකුමාර සෙනෙවිරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ (කාර්මික හා පුහුණු) රසිත දෙල්පොළ, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනී ගර්ටි උක්වත්ත යන අය ද නයනා කරුණාරත්න, හසිනි ගුණසේකර, බර්නි බාලසූරිය, රම්සි රහමාන් යන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීහු ද එක්ව සිටියහ.

popular news
-
silva Tuesday, 02 June 2020 10:07 PM
විනෝද ආශ්වාදය කොටස බන්දුලටයි , ගම්මනපිලටයි දෙන්න...ඔයත් නරකම නැහැ
Reply : 0 1
sg Wednesday, 03 June 2020 12:02 AM
nonata beuety saloon eka develope karaganna wenna ඇති..
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

