රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
සැකකාර අඹුසැමි යුවළ සමඟ මත්කුඩු කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සහ ඔවුන් ගමන් ගත් මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.
වගේ පැලවත්තේ මිහිඳුපුර නිවසේ සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව සිදුකළ මූලික විමර්ශන අනාවරණය වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
වයස අවුරුදු 21,.හා 23අතර පසුවන සැකකරුවන් යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන්