රු.ලක්ෂ 80කට අධික මත්කුඩු තොගයක් රේගු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් නැමැති විදේශීය නිෂ්පාදිත ගංජා තොගයක් සමග කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 04 ක සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
එංගලන්තය , ඇමෙරිකාව , නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ , නාවල , වාද්දුව සහ අහංගම යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන් වෙත මෙම පාර්සල් එවා තිබුණි.
එම පාර්සල් විවෘත කිරීමේ දී ඉන් දෙකක රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 500ක්ද , අනෙක් පාර්සල් දෙකේ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 80 ක්ද සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙම පාර්සල් එවා තිබූ ලිපිනයන්ගේ සත්‍යතාවය සොයා ගැනීමට සහ මෙම සිදුවීමට අදාළ පුද්ගලයින් සොයා අත් අඩංගුවට ගැනීම සදහා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා විසින් කූරියර් පාර්සල් නිෂ්කාශනය කරන ස්ථාන වල රේගු පාලනය ශක්තිමත් කිරීම සදහා විශේෂ පියවර රාශියක් ද ගැනීමට අවශ්‍ය උපදෙස් අදාල නිලධාරීන් වෙත ලබා දී තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

