රු බිලියන 2 මත්කුඩු අත්අඩංගුවට
රුපියල් බිලියන දෙකක් පමණ වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගෑස් සිලින්ඩර හා ගෝනි තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබේ.
“අද දින අලුයම් කාලයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් වැලිගම පොලිම් වසමේ මිරිස්ස ප්‍ර දේශයේදී සිදුකර තිබෙනවා.
මෙහෙිදී හෙරොයින් මත්කුඩු 200ට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය මැයි 11 ධීවර කටයුතු සඳහා පිටත්වූ බහුදින යාත්‍රාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒනනට ඇතැයි සැක කරනවා.
එයින් කුඩා යාත්‍රාවකට මෙම මත්ද්‍රව්‍ය තොගය පටවන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ගෑස් සිලින්ඩර හා ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
මේ වන විට සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.”

popular news
-
Kumar Sunday, 13 June 2021 07:58 PM
What happens to all the narcotics confiscated by the police. I suppose it would be too risky to do a follow up item in your paper.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

