රිෆ්කාන් බදියුදීන්ට එරෙහි පැමිණිල්ල ජනවාරියේ කැඳවයි
ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ පැමිණිල්ල ජනවාරි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මෙම පැමිණිල්ල අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම විමර්ශනයට අදාළව රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවය.
එම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් විමසා ඇතැයි ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
රජයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් එවීමට පියවර ගන්නා ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරයා විසින් සිහිකැඳවීමක් යොමු කිරීමට ද නියම කළේය.
අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 21වන දා කරවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

popular news
-
Demuni Uduwara Thursday, 22 October 2020 07:12 PM
Hunting already started.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

