රිෂාඩ්ගේ නිවසේ දැරියක් කෘරත්වයට පත්වීම ගැන ප්‍රකාශ 30ක් ගනියි
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි බාලවස්කාර දැරියක් පිළිස්සී මිය යෑමේ සිදුවීමට සම්බන්ධ රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා හා තැරැව්කරු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔවුන්ගෙන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 30ක් ලබාගෙන තිබේ.
දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයාගේ හා තැරැව්කරුගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනය කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ අතර එම නිවසේදීමට මීට පෙර කාන්තාවක් දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයාද හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය පැවැසීය.
popular news
-
Deepal Nirosh Sunday, 25 July 2021 12:10 PM
ප්‍රකාශ 30ක් ගත්තත් තාම ගෘහ මූලිකයාගෙන් ප්‍රකාශයක් ලබා නො ගැනීම තමා ගැටළුව. පිළිතුර 20වන ව්‍යවස්ථා සංශෝධනය ද නැතිනම් ගම්මන්පිලට පක්ෂව 149, 152ක් දක්වා වැඩි කිරීම ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

