රියදුරු බලපත්‍ර සකස් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවට
මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබීය.
සාමාන්‍යයෙන් රියැදුරු බලපත්‍රයක් මහජනතාව විසින් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1340ක් වැනි මුදලක් ගෙවීමට සිදු විය. එමෙන්ම 2009 දී පුද්ගලික සමාගමක් වෙත පවරා දී තිබු රියැදුරු බලපත් නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව නිසා අප රටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයට ඇදී ගියේය. වරින්වර එම සමාගමේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කරමින් මෙම කටයුතු පවත්වාගෙන එනු ලැබීය.
මෙම කාරණය සැළකිල්ලට ගනිමින් ඉදිරියේ දී රියැදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පැවැරීමසඳහා ඇති හැකියාව සොයා බැලීමට අද දින ( 14) විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහණ සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
එම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මේ අනුව ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රයක් ලබා දීමත්, මෙතෙක් අප රටට අහිමි කළ විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමටත් පුද්ගලික සමාගමක් සතුවන අපේ තොරතුරු පද්ධතිය ආරක්ෂක අංශ වෙත රඳවා ගැනීමටත් හැකි වන බවත්, ලබන වසරේ සිට රියැදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවැරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී ආරක්ෂක ලේකම් වරයා මෙන්ම යුධහමුදාපතිවරයා ද අදහස් පළ කළේය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, මහතා කියා සිටියේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට හැකි බවයි. රුපියල් 1340ක් ඒ සදහා වැය කිරීම අපරාධයක් බව ද ඒ මහතා කීය.
යුධ හමුදාවට කළ නොහැක්කක් නැති බව කී යුධ හමුදාපති වරයා රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සූදානම් බව ද ප්‍රකාශ කළේය.
මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කමිටුවක් පත් කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළේය.

popular news
-
Dilshan Wednesday, 15 July 2020 06:20 AM
Akanm hodai mokada machara kalayk minisunwa gasa kewa. Pagwal gahuwa. Army akata dunama vinayk athuwa niyama welwata wada tika karai kiyala viswasa karanwa. Dushita rajjaya ayathana army akata den.
Reply : 1 0
Sirisena Wednesday, 15 July 2020 08:16 AM
Then what will happend to political partner company? No commission? Ayooo.apita wennayane deyak.
Reply : 0 0
Perera Friday, 17 July 2020 03:19 PM
That is very very good idea. All the best !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
