රාජ්‍ය සේවකයින්ට සහන දෙන බව කිවත් තවම දි නෑ - හඳුන්නෙත්ති
රාජ්‍ය සේවකයින් ලබාගත් ණය මුදල් මාස 3ක කාලයක් යන තුරු වැටුපෙන් කපා නොගන්නා බව ආණ්ඩුව සඳහන් කළත්, අප්‍රේල් මාසයේ වැටුප් සැකසීමේ දී ද අදාළ ණය මුදල් වාරික අය කරගනිමින් වැටුප් සකසා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පසුගිය මාසයේදී ලබා දෙන බව පැවසූ සහනය රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මේ මාසයේ දීවත් ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
හඳුන්නෙත්ති මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියේ, මාර්තු මාසයේදී ණය මුදල් අය කරගෙන තිබීම චක්‍රලේඛ නිකුත් කිරීමේ ප්‍රමාදයක් නිසා සිදුවූ බවට පැවසුවත් අප්‍රේල් වැටුපට එවැනි බාධාවක් නොමැති බවයි.
ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට හිතාමතාම වංචාවක් සිදු කරන බව ද, රාජ්‍ය සේවකයින් පිළිබඳ කාරුණිකව සිතා බලා ඉදිරි දින කිහිපය තුළ එම වරද නිවැරදි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

