නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා වී තිබේ. එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. .
ප්‍රවාහන ක්ෂේත්රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම හා ක්‍රියාත්සමක කිරීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව ඊයේ දින (12.09) සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුවිය.
පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා ක්ෂේත්රයේ සියළුම නිලධාරීන්ගේ සහය හිමි විය යුතු බවත් එමෙන්ම එකී අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි හඳුනා ගැනීමේ වැදගත්කමත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේය
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමටත් , විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමයි.
අමාත්‍යාංශයක් සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා පිය නගන විට එම ඉලක්කය ජය ගැනීම පිණිස අනෙකුත් අමාත්‍යාංශයන්හි ද සහය එම අමාත්‍යශයට හිමි විය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අවධාරණය කර සිටියා.
2030 වන විට රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කර ගැනීමේ ඉලක්කය සඳහා ගමන් කිරීමේ දී අමාත්‍යාංශයක් ලෙස තනිව ගමන් කිරීමේ හැකියාව තිබෙන නමුත් එම ඉලක්කය හා සම්බන්ධ අනෙකුත් සියළු අංශ ද මෙම ඉලක්කය සමඟ හැඩ ගැසිය යුතුය.
මෙරටට විදුලි වාහන ආනයනය කිරීමේ දී විදේශීය සැපයුම්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනාගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.