රාජගිරිය මොරගස්මුල්ල ප්රදේශයේ නිවසක හුදෙකලාව ජීවත් වූ අවිවාහක කාන්තාවක්, අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අද (26දා) සැකපිට අත්අඩංගුවට ගත් බව, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රාජගිරිය මොරගස්මුල්ල ප්රදේශයේ පදිංචි සිරිමා ගොපල්ලව නමැති (71) හැවිරිදි අවිවාහක කාන්තාවක් බව පොලිසිය කියයි.
මෙම කාන්තාව නිවසේ හුදකලාව ජීවත් වී ඇති අතර ඉකුත් 25 දා අලුයම හතරට පමණ නිවස දෙසින් කෑගැසිල්ලක් ඇසී ඇති බව පොලිසිය කියයි.
පසුව ඒ බව ඇසුනු අසල්වාසීන් නිවස දෙසට යාමට උත්සාහ කිරීමේදී ගේට්ටුවෙ ඉබි යතුරු දමා තිබීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට දන්වා ඇතැයි පැවසේ.
ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් නිවස තුළට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ සාලය මැද බිම වැටී මෙසේ අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුර හමු වී ඇතැයි පැවසේ.
පසුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂාන ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලද අතර මහේස්ත්රාත් පරීක්ෂණය ද සිදු කරන ලදී.
එහිදී මියගිය කාන්තාව සන්තකයේ රුපියල් 25,000 ක මුදලක් තිබී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර , එය මුදල් අස්ථානගත වී ඇති බවද පැවසේ .
තවද නිවසේ ප්රධාන දොර ඉදිරිපිට තිබූ සැකකටයුතු පාවහන් යුගලයක් හා යාබද නිවසක ආරක්ෂක කැමරා දර්ශන භාවිතා කරමින් කළ වැඩිදුර විමර්ශනයකට අනුව කාන්තාව ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි
අත්අඩංගුවට ගත් "ජින්ටි රංජි " නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
මත්තෙගොඩ ශාන්ත ප්රදීප් කුලරත්න