රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොවිඩි ආසාධනය වී ඇති බවත් විශ්ව විද්‍යාල පරිපාලනය සිසු ජිවිත අවදානමකට ලක්කර ව්‍යාජ තොරතුරු සමාජ ගතකරන බව රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ සිසුවා පැවසිය.
මාතරදි ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම එසේ පැවසිය. එහිදි අදහස් පළකළ ඔහු මෙසේද පැවසිය.
“සරසවියේ සිසු සිසුවියන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර විද්‍යා පිඨයෙන් 11 දෙනෙක්, වෛද්‍ය පිඨයෙන් 02 ක්, කෘෂිකර්ම පිඨයෙන් 03 ක්, කළමනාකරණ පිඨයෙන් 05ක්, හා ඉංජිනේරු පිඨයෙන් 02 ක් වශයෙන් සිසුන් මෙම වසංගතයට ගොදුරුවි තිබෙනවා.
සිසුන් මෙම වෛරසයට ගොදුරු වෙලා තියෙන්නේ පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසයි. සිසුන් කැඳවා අධ්‍යන කටයුතු ආරම්භ කරන්න සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් විශ්ව විද්‍යාලය තුළ ඉදිකිරිමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය අපොහොසත් වෙලා තියෙනවා. අඩුම තරමේ කොවිඩි ආසාධිත සිසුන් රෝහල් කරා ගෙනයාමට පවා වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ.
කළමනාකරණ පිඨයේ සිසුන් තිදෙනෙක් අසාධිත බව තහවුරු වෙලා තිබියදිත් දින 3 ක් නේවාසිකාගාරයේ රදවාගෙන ඉදලා තියෙනවා. ප්‍රමාණවත් පී.සීආර්. පරික්ෂණ වලටවත් සිසුන් භාජනය කර නැහැ. මේ ගැන විශ්ව විද්‍යාල පරිපාලනය කරන්නේ තොරතුරු වසන් කිරිමට කටයුතු කිරිමයි සිසුන්ට තරජනය කිරිමයි. “
මේ සම්බන්ධව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන මහතාගෙන් කළ විමසීමකදි මෙසේ පැවසිය. “ඉකුත් මාර්තු මාසයේ විශ්ව විද්‍යාල කොමිසන් සභාව දුන් උපදෙස් අනුව කණ්ඩායමa වශයෙන් සීමා කරලයි සිසුන් කැඳවිම සිදුකළේ. සියයට 50 ටත් අඩු මට්ටමකින් සිදුකළේ. අලූත් අවුරුද්දෙන් පසුව කරන ලද පිසිආර් පරික්ෂණ වලින් වැල්ලමඩම සංකිර්ණයේ සිසුන් 16 ක්, ඉංජිනේරු පිඨයේ සිසුන් සිසුන් 02 ක් ,වෛද්‍ය පිඨයේ එක් සිසුවෙක් කොවිඩි ආසාධනය වි තිබෙනවා.
අපි පඹුරණ පවත්වාගෙන යනවා නිරෝධායන මධ්‍යස්ථානයක් .ආශිතයන් නිරොධානයටත් යොමු කර තිබෙනවා. සිසුන් නිවෙස් වලට යැවුවේ නැත්තේ ඔවුන් ගේ පවුල් වලට සහ සමාජයට බෝවීම වලක්වා ගැනිමටයි. අපි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා.”
මේ අතර මාතර හිටපු නගරාධිපතිවරයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂ මාතර ආසන සංවිධායක උපුල් නිශාන්ත සුභාවික්‍රම මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලයේ සිසුන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.
එසේම සිසුන් විශ්වවිද්‍යාලය තුළම නිරෝධායනයට ලක්කර ඔවුන්ට සිය නිවෙස් කරා යාම තහනම් කර ඇති බවත් ඔහු පවසයි.
මේ අනුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ රඳවා දිටින සිසුන් අතර අසහනකාරී තත්ත්වයක් උද්ගතවෙමින් පවතින බවත් සිසුන්ට නේවාසිකාරවලින් එළියට යාම තමනම් කර දිනපතා කොත්තමල්ලි ලබාදෙන බවත් නිසි ආහාර වේලක් නොලැබන ඔහු පවසයි.
ඔහු ජනපතිවරායට යොමුකළ ලිපිය
මාතර මහේෂ්