රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව ඩොමි 400ක්
නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය. එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.
අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව පැවසීය.
2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබිණ.
කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර සිටියහ.
කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මහා නායක හිමියන් දැනුවත් කළේය. මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
Kumar Sunday, 27 June 2021 07:41 PM
Nobody gets kidney problem by consuming produce grown with artificial fertilizer. Good example is the president who lived in California for 30 yrs. There are many other factors like eating a lot of rice with high arsenic contamination, uncontrolled high blood pressure and high consumption of sugary products to name a few that contribute towards kidney failure. For a while importation of Sri Lankan rice was banned in the US for Arsenic contamination. Blaming artificial fertilizer is a ploy to save money to buy vehicles? It would be great if the use pesticides and fungicides be strictly controlled. Some farmers use chemicals used to protect roses to protect produce from various bugs. I hear how jack kernels are soaked in Harpic to keep them looking fresh. I suppose the toilet cleaner contains a lot of caustic soda (NaOH).
Reply : 0 0
Gamini Sunday, 27 June 2021 08:07 PM
Buddha's Eight-fold pathway has right knowledge, right understanding and right effort in it. Even in modern science, this eight-fold pathway is fully applied unbeknown to the scientists. When the right knowledge is lacking as in the so claimed fertilizer/pesticide caused diseases, the proceeding is garbage with no use for the effort. This has no proof other than the big noise. Also when the ruler does not listen to the advice of wise/learnt men/women, the country degrades.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

