මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතාට දින 14ක් නිරෝධානයට යොමුකර ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත පැවැසීය.
රිෂාඩ් බද්යුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව දෙන ලෙස විපක්ෂය විසින් කථානායකවරයාගෙන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළෙ තමන් මේ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසා සිටි බවත් මන්ත්රීවරයා දින 14ක් නිරෝධායනය වන හෙයින් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව දැනුම් දුන් බවයි.