සමගි ජන බලවේගය නියෝජනය කරන රිෂාඩ් බද්යුදීන් මහතාගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්රසයේ කුරුණෑගල දිස්ත්රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ වාහන පෙළකට ඊයේ (22) රාත්රියේ කුරුණෑගල තෙලියාගොන්න ප්රදේශයේදී ප්රහාරයක් එල්ල කර ඇත.
එම ප්රහාරයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂක මෙහොමඩ් නසීර් මහතා ගමන් කළ වාහන තුනකට අලාභහානි සිදුව ඇති බව වාර්තාවේ.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික්කයෙන් තරඟ වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බද්යුදීන් මහතා සහභාගි වන ජන හමුවක් ඊයේ රාත්රියේ තෙලියාගොන්න ප්රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගි වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිපයකට ප්රදේශවාසින් පිරිසක් විසින් මෙසේ පහරදී ඇතැයි වාර්තාවේ.
මේ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රිෂාඩ් බදූර්දීන් මහතා එම ජන හමුවට සහභාගි නොවී ආපසු හැරී ගොස් ඇත. රිෂාඩ් බදූර්දීන් මහතාගේ අදහස් වලට විරෝධය පළ කරමින් තෙලියාගොන්න ප්රදේශයේ ජනතාව විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති බවද කියයි. මෙම ප්ර දේශය බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වන ප්රදේශයකි.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් නසීර් මහතා කුරුණෑගල පොලීසියට පැමිණිලි කර ඇත.