රිෂාඩ් බද්යුදීන් මහතා රජය විසින් සඟවා සිටින බවට ඇතැම් පිරිස් පැවසුවද ඔහු සඟවා තබා ගැනීමට රජයට කිසිදු අවශ්‍යයතාවයක් නොමැති බව ග්‍රාමිය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍යය අමාත්‍යය නිමල් ලාන්සා මහතා පැවසිය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (17) දින හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
“පැහැදිලිවම රිෂාඩ් බද්යුදීන් මහතා නීතියය මගහරිමින් කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොලීසිය ඉතා ඉක්මනින් ඔහුව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරනවා.
ගෞරවෙන් රිෂාඩ් බද්යුදින් මහතාගෙන් ඉල්ලනවා මේක මගහැර ඉන්නේ නැතිව භාර වෙන්න කියලා.රිෂාඩ් බද්යුදීන් මහතාගේ මල්ලිව අත්අඩංගුවට ගද්දි කිව්වා දේශපාලන ඩීල් එකක් කියලා
අපි පැහැදිලිවම කියන්න ඕන අපි පොලීසියට අත දාන්නේ නැ යහපාලන දේශපාලඥයො වගේ. රිෂාඩ් බද්යුදීන් මහතාගේ මල්ලිව නිදහස් කිරිමේදි අපිට ගැටලුවක් තියනවා. රටේ ජනතාවට ගැටලුවක් තියනවා
රිෂාඩ් බද්යුදීන් මහතා පහුගිය ටිකේ කතා කරලා තිබ්බේ සජිත් ප්‍රේමදාස මහත්තයටයි රවුෆ් හකිම්ටයි.
එගොල්ලන්ගෙන් තමයි උපදෙස් අරන් තියෙන්නේ හැංගෙන්න, එ නිසා සජිත් ප්රේමදාසගෙනුයි රවුෆ් හකිම් ඇමතිතුමාගෙනුයි තමයි අහන්න ඕන එතුමා කොහෙද ඉන්නේ කියලා.”