ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බද්යුදින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් මේ වන විට මක්කම වන්දනාවකට එක්වීම සඳහා සෞදිය වෙත ගොස් තිබේ. එයට සමගාමීව මෙම හමුව සිදුව ඇතැත් සාකච්ඡා කළ කරුණු පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.