හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජනබල වේගයෙන් ඉවත් කරන නිල නිවේදනයක් නිකුත් කළ යුතු බව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසනවා.
බුලත්සිංහල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේ.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි අපරාධ කරන පිරිස් වහා ඉවත් කළ යුතු බවත් යම්ලෙසකින් මොවුන්ට බලය ලැබුණේ නම් කුමක් කරන්නේ යැයි සිතිය නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.