රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වූ බවට සැකයක් මතුව තිබෙන නිසාත්, යම්යම් කරුණු තහවුරු වී තිබෙන නිසාත් ඔහු වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
එසේ නොකළහොත් සියලුම පක්ෂ එකතුකර ගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවත්, අදාළ යෝජනාව මේ සතිය තුළ භාරදෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ, අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.