අනුරාධපුර රුවන්වැලි සෑයට පූජා කර තිබූ අටපිරිකර සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මින් එක් පුද්ගලයෙකු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි පුද්ගලයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඊයේ පෙරවරුවේ මෙම සිදුවීම සිදුව තිබේ. සොරකම් කළ අටපිරිකර සංඛ්‍යාව 4ක් බවත් වටිනාකම රුපියල් 10000ක් බවත් ඔහු පැවැසීය.
මේ පිළිබඳව උඩමළුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් අනුරාධපුර හා හෝමාගම පදිංචිකරුවන් වෙයි.