මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු පාර්ලිමේන්තු රවී කරුණනායක මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වී දැනට දින තුනක්ද ඉක්ම ගොස් ඇතැත් ඔහු සිටින තැනක් සොයා ගැනීමට තවමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.
10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වි තිබුණත් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි.