හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.
ඒ රවි කරුණානායක විසින් අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසන් සභාව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.