තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණනායක මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම සඳහා ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
අදාළ පෙත්සම සළකා බැලීම සඳහා ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම සළකා බලමින් මෙසේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේය.