රවී එජාපය හැර නොයයිතමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තම හිතවතුන්ට පවසා තිබේ.
තමන්ට විදේශ අමාත්‍යධුරය ලබාදෙන බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් පැමිණියත් තමන් හෝ තමන්ට සමීප එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් නොවන බව රවී කරුණානායක මහතා තම සමීපතමයන්ට පවසා තිබේ.