වලංගු කාලය අවසන් වීමට නියමිත රියදුරු බලපත්‍ර වල වලංගු කාලය ජුලි 31 දා දක්වා දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමණාකරන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව පසුගිය අප්‍රේල් මස 16 දා සිට මෙමස 31 දා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම කාලය ජුලි මස 31 දක්වා දීර්ඝ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ප්‍රවාහන සේවා කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (20දා) නිකුත්කර තිබුණි.
කෝවිඩි-19 වසංගත තත්ත්වය රටතුළ පැතිරයාමත් සමග මෙලෙස කාලය අවසන්වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයන් ලබාදීමට රජය තීරණය කළ අතර රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කළ දෙවැනි අවස්තාව මෙය වේ.