හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ඔක්තෝබර් මස 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කරනු ලැබුවා.
මෙම පෙත්සම කඩිනමින් සලකා බැලීමට අවශ්‍ය බැවින් ඒ සදහා කෙටි දිනයක් ලබා දෙන ලෙසට රියාජ් බදුර්දීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 20දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දෙනු ලැබිය.