සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ නැවතත් රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ (23) දිනයේදි රිය අනතුරු හේතුවෙන් සිදුවු මරණ 10ක් පමණ බවයි.
ඉන් 5 දෙනෙුක පදිකයින් බවත් සිවු දෙනෙකු යතුරුපැදිකරුවන් බවට වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙම අනතුරු වලක්වා ගැනිම සඳහා පදිකයින් ,රියදුරන් සහ වාහනවල ගමන් කරන පුද්ගලයින් යන කණ්ඩායම් තුනම සැලකිලිමත් විය යුතු බවත්ය.