ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 15ක් පමණ සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙයින් මරණ 11ක් ඊයේ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් වාර්තා වී ඇති අතර මරණ 4ක් ඊට පෙර සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගතව සිට මිය ගිය පුද්ගලයන් වෙයි.
මෙම මරණ කරුවන් අතරින් 6ක් මහාමාර්ගයේ ගමන් කළ පදිකයින්
වන අතර 05ක් යතුරුපපැදි වල ගමන් කළ පුද්ගලයින් වෙයි.
මේ අනුව දිනකට රිය අනතුරු නිසා මිය යන සංඛ්‍යාව 15ක්දක්වා වර්ධනය වී ඇති බවද අජිත් රෝහණ මහතා පැවැසීය.
එයින් වැඩිම වින්දිතයින් බවට පදිකයින් හා යතුරුපැදිකරුවන් බවට පත්ව ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.