ඉතාලියේ රෝම් අගනුවරදි ඊයේ (29ද) දහවල් මහමගදි ලාංකික අඹු සැමියන් අතර වු බහින්බස්වීමක් දුරදිගගොස් ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බිරිඳ මියගිය බව රෝම පොලීසිය පැවසිය.
මෙලෙස මියගොස් ඇත්තේ රෝම් නගරයේ රැකියාව කරමින් ජිවත් වු ලාංකික 40 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව බස් රථයක් එනතුරු මගි නැවතුමක සිටියදි එම ස්ථානයට පැමිණි එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සමග ඇති වු බහින් බස්වීමක් දුරදිගගොස් 49 හැවිරිදි ස්වාමි පුරුෂයා විසින් සඟවාගෙන තිබු තියුණු ආයුධයකින් පහරදීම නිසා මෙම මරණය සිදුව තිබේ.
බරපතල තුවාල ලබා සිටි කාන්තාව ගිලන් රථයකින් රෝම් සංකමිල්ල රෝහලට ඇතුල් කලත් රෝහලේදි මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසිය.
මෙම කාන්තාව සතියක පමණ කාලයක සිට ස්වාමි පුරුෂයාව ඇතහැර ගොස් වෙනත් ස්ථානයක ජිවත්ව ඇති බවත් නැවත තමන් සමග ජිවත් වීමට පැමිණෙන ලෙස ස්වාමිපුරුෂයා කල ඉල්ලිම බිරිඳ විසින් ප්රතික්ෂේප කිරිමේ හේතුවෙන් මෙම ඝතනය සිදුව ඇති බවට තොරතුරු හෙළි වි තිබෙන බව පරික්ෂණ සිදු කරන රෝම් පොලිසිය පැවසීය.
ඝතනය සිදු කල තියුණු ආයුධයත් සමග එම ස්ථානයේදීම ලාංකිකයාව අත් අඩංගුවට ග් ගත් බව පොලිසිය කීය.
චන්දන ප්රනාන්දු ඉතාලියේ සිට