රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18දා) කෑගල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් සිටී.
දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගණයේ දී සහ දැරණියගල නගරයේ ළමා උද්‍යාන අසළ දී ජනාධිපතිවරයා ජනතාව සමග සුහද කතා බහක නිරත විය.
අතරමැදියන් නිසා රබර් කර්මාන්තයේ නිරතවුවන්ට නිසි මිලක් නොලැබෙයි. එබැවින් කර්මාන්තයේ නිරත පිරිස අඩු වී ඇතැයි ද ජනතාව ජනාධිපතිවරයාට පැවසූහ.
ගම්මිරිස් ඇතුළු කුළුබඩු නිෂ්පාදනයේ නිරතවූවන්ගේ ගැටළු ද ජනාධිපතිට ඉදිරිපත් කෙරිණ.
හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ අපේක්ෂක අජිත් ශාමින්ද යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටළු සහ උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු ඉඩම් නැවත අස්වැද්දීම පිළිබද ද ජනතාව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළහ.
