මෙරට රබර් වගාවන් ආශ්‍රිතව මේ දිනවල පෙස්ටලෝෂියොප්ෂිස් නැමැති පත්‍ර පතන රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසයි.
එම ආයතනය ප්‍රකාශ කළේ මෙම රෝගයේදි පෙබරවාරි සිට අප්‍රේල් දක්වා සිදුවන සාමාන්‍ය වාර්ෂික පත්‍ර පතනයට සහ ඔයිඩියම් රෝගය හේතුවෙන් සිදුවු පත්‍ර පතනයට අමතරව මැයි සහ ජුනි මාසවලදිද පත්‍ර හැලි යාම සිදු වන බවයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ මෙම පත්‍ර රෝගය දරුණු තත්ත්වයට පත් වෙමින් ඇති බවට නිරික්ෂණය වන බවයි රබර් පර්යේෂණායතනය සඳහන් කළේය.