රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා ක්ෂේත්‍ර‘යේ පලපුරුදු විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සේවා පවත්වාගෙන යෑම සඳහා 1966 අංක 37 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ සහ 1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුව මේ වනවිට පෞද්ගලික ගුවන් විදුලි විකාශන සඳහා බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
ඒ අනුව මේ වනවිට පෞද්ගලික ගුවන් විදුලි විකාශන බලපත්‍ර 27ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 54ක් නිකුත් කර ඇත. එහෙත් ගුවන්විදුලි විකාශන බලපත්‍ර 18ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 28ක් පමණක් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී. එම බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිණිස පත් කරන ලද කමිටුවක් විසින් ගුවන්විදුලි හා රූපවාහිනී යන මාධ්‍යයන් සම්බන්ධයෙන්ම කටයුතු කිරීම පිණිස වෙනම ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර, ඒ සඳහා විකාශන නියාමන කොමිෂන් සභා යනුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.
එකී කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම තුළින් එම කොමිෂන් සභාව මගින් ඉටුකරවාගැනීමේ හැකියාව සොයා බැලීමද මෙහිදී සිදු කෙරෙනු ඇත.