ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස කැලුම් පාලිත මහීරත්න මහතා පත්කර තිබේ.
ඔහු අද (06දා) පෙරවරුවේ සිය රාජකාරී භාර ගත්තේය. රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වීමට ප්‍රථමව ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.
රූපවාහීනී ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ඒ මහතා ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ද වෙයි.