රුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ඇමෙරිකාව පොලී අනුපාත ඉහළ දැමීම නිසා රුපියලට බලපෑම් සිදුව තිබෙන බවත්, මේ නිසා අනවශ්‍ය දේවල් රටින් ගෙන්වීම සීමා කිරීමට රජය මුදල් අමාත්‍යාංශයට යෝජනා කර තිබෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
දේශීය කර්මාන්ත දියුණු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවී ගිය වසර දෙකක කාලය තුළදීම කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.