තලෙයි මන්නාරම සහ ඌරුමලෙයි අතර මුහුදු තීරයේදී සගවා තිබූ කේරල ගංජා කිලෝ 39 ග්රෑම් 800ක ප්රමාණයක් උතුරු මැද නාවික විධාන මූලස්ථානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් ඊයේ දින ඌරුමලෙයි සහ තලෙයිමන්නාරම මුහුදු තීරයේදී පාමුර සංචාරයක් කරන අතරතුර මුහුදු වෙරල ආසන්නයේ පිහිටි කැලෑ රොදක සගවා තිබූ පාර්සල් 4ක අදාල කේරල ගංජා තොගය සගවා තිබූ බවට නාවික හමුදා නිලධාරීන් කියා සිටියහ.
මෙම කේරල ගංජා තොගය රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමක් ඇති බවටත් ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් මෙසේ සගවා තබන්නට ඇති බවටත් නාවික හමුදාව සැක පල කරයි.
කේරල ගංජා තොගය මන්නාරම් පොලීසියට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
මධුශංඛ අමරසිංහ