මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 65000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20දා) ඉදිරිපත් කළේය.
අධිවේගි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 57131ක්ද,මහාමාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 6044ක්ද,මාර්ග පුරුත්ථාපනය හා වැඩිදියුණු කිරිම සඳහා රුපියල් මිලියන 500ක්ද,පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 225ක්ද,ස්වභාවික ආපදාවන්ගෙන් හානියට පත් මාර්ග පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 1100ක්ද එම ඇස්තමේන්තුව මගින් ඉල්ලා තිබේ.
2019 අයවැය මගින් අමාත්‍යංශයට රුපියල් මිලියන 185000ක් වෙන් කර තිබුණු බවත්,එම ප්‍රතිපාදන වර්ෂයේ මුල් මාස 05ට පමණක් ප්‍රමාණවත් වූ බවත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.
2019 වසර තුළ ඉටුකරන කාර්යන් වෙනුවෙන් ගෙවීම් කළයුතු හිඟබිල්පත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 62482ක්ද,එම ගෙවීම්වලට අදාළ දේශිය වාරිකය ගෙවීම සඳහාත්,මාතර හක්මණ මාර්ගය ඉදිකිරීම ඇතුලු දෙශීය ගෙවීම් සඳහා රුපියල් මිලියන 2518ක්ද ගෙවීමට තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.