විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපද කොංග්රස් සභිකයන් වන අමිබෙරා සහ ජෝර්ජ් ඊ බී හෝල්ඩින්ග් යන අය විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකා හමුදාපතිට ඇමරිකා එක්සත් ජනපදය පැනවූ සංචාරක තහනමට ශ්‍රී ලංකා රජයේ විරෝධය පලකරන බව අමාත්‍යතුමා පැවසූ අතර, එසේම තොරතුරු තාක්ෂණ අංශය, විද්‍යව, තාක්ෂණ, නවෝත්පාදනය, කෘෂිකර්මය යන ක්ෂේත්රවලදී දෙරට අතර නව සහයෝගිතා ඇති කරගෙන තිබෙන බවද අමාත්‍යතුමා කොංග්රස් සභිකයන්ට දැන්වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනිය ඇලෙයිනා බී ටෙප්ලිස් සහ එහි නිලධාරින්ද සහභාගී වුහ.