එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රීධුරයේ එම පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.
වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව තම අසුන වෙත ගමන් කරන විට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්රීවරු නැගී සිටිමින් ආචාර කළේය.
රනිල් වික්රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිව තිබේ. ඒ විපක්ෂයේ 13 වැනි අසුනයි.