රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනාගෙන අග්‍රාමාත්‍ය ධුරය දරනු ලබන්නේද රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව පත්කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද ඒ අයුරින්ම පවත්වගෙන යෑම සහතික කරන ලෙසත් පවසමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සහ මහලේකම්වරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදුකර තිබේ.