එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පැවසීය.
අවස්ථා කිහිපයකදී පසුපෙළ මන්ත්රිවරුන් සමග එම කමිටුව සාකච්ඡා පැවැත්වුවද ඉල්ලීම් ඉටුකිරීමට අපොහොසත් වූ බවත්,පසුපෙළ මන්ත්රීවරුන් අඩපණ කිරීමේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවෙමින් තිබෙන බවත්මන්ත්රීවරයා සඳහන් කළේය.
සාගල රත්නායක මහතා ඇතුලු පක්ෂයේ ප්රධානීන් ඇතුළත් කරමින් පත් කළ එම කමිටුවට සහභාගි වූ මන්ත්රීවරුන්ගේ විශ්වාසය බිඳවැටී තිබීම නිසා එම කමිටුවේ කටයුතු අඩපණ වී තිබෙන බවත්,මෙම කාරණය මුල සිට තමන් දැන සිටි බැවින් කිසිදු අවස්ථාවක තමන් කමිටුවට සහභාගි නොවුණු බවත් ඒ මහතා ප්රකාශ කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ලබන 04 වැනිදා පැවැත්වෙන එජාප කණ්ඩායම් රැස්වීමේදී මෙම කරුණ සම්බන්ධව රනිල් වික්රමසිංහ මහතාගේ අවධානය යොමුකරන බවත්,ජාතික ලැයිස්තුවෙන් පත් කර සිටින මලික් සමරවික්රම හා තිලක් මාරපන යන මහත්වරුන්ගේ ඇමති ධුර ඉවත් කර පාලිත රංගේ බණ්ඩාර වැනි පක්ෂයට හා පාක්ෂිකයන්ට සේවය කරන මන්ත්රීවරුන් දෙදෙනෙකුට එම ඇමති ධුර ලබාදෙන්නැයි එහිදී ඉල්ලීමක් කරන බවත්හෙතෙම කියා සිටියේය.