හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
" රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි. එතුමා ඔක්තෝබර් 26 දා වික්‍රමසිංහ පිළිකාව කපා ඉවත් කරනු ලැබුවා. අද රෑටත් අමාත්‍යවරු දෙක තුනක් දිවුරුම් දෙනවා. එතකොට 108 පනිනවා. තව දින දෙකකින් 113 පනිනනවා"