රනිල් මෛත්‍රී සජිත් යනු එකම අච්චුවේ අය බවත් යහපාලනය නමින් රට විනාශ කීරීමට ඔවුන් වගකිව යුතු බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම තරම් විහිළුවක් තවත් නැතැයි කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලකුණක් තෝරා ගත නොහැකි පිරිසක් රට ගොඩ නගන්නේ කෙසේ දැ‘යි ප්‍රශ්න කළේය.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එදා අලුත් පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා යැයි කිවුවත් අද වන විට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමට ඔහුට සිදුව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී ඊයේ (08දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
"රනිල් මෛත්‍රී සුසංයෝගය මේ රට විනාශ කළා. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස මහතා අද හැසිරෙන්නේ මැරිලා ඉපදිලා වගේ. රනිල් මෛත්‍රී සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක්. මේ තුන්දෙනා වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු. ඒ ආණ්ඩුවට කත් ඇද්ද අයත් අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වයට වග කිව යුතුයි. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ.
ඒ අවුරුදු හතර හමාර තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ව්‍යාපාර වැහුණා. කොම්පැණි වහලා ආයෝජකයෝ ආයේ ගියා. ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා රටේ ආර්ථිකය කඩන් වැටුනා. අපි හදපු වරායවල්, ගුවන් තොටුපළවල් කුණු කොල්ලෙට වික්කා. රටක් හදපු, රට ගොඩ නගපු ජනතාවට ජීවිත දානය දුන් නායකයාව ගෙදර යවලා 2015 දි පත් කර ගත්තේ තක්කඩි රැළක්.
මේ තක්කඩි රැළට එරෙහිව අපි සටන් කරද්දි රනිල් මෛත්‍රී හවුල අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිගා කනවා. ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. මෛත්‍රී තනිකරම රටට කළේ කුඩුකේඩුකම්. පක්ෂයට කළේ කුඩුකේඩුකම්.
මමනම් සතපහකට ඔය මනුස්සයව විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්න බෑ. කියන්නේ එකක්. කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා.රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ. දැන් මහින්ද මහත්තයා ළග අඩා වැටිලා ආපහු තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කඩා ගෙන නොයයි කියලා විශ්වාසය තියෙන අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ.”