එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයන් ලෙස මේ වන විට නම් ඉදිරිපත්ව ඇති එහි නායක රනිල් වික්‍රමසිංහ, නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමීප නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වැනි සංවත්සරය අමතමින් පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරපු අපිට සමීප පක්ෂයක් සමග ආණ්ඩුවක් පිහිටවන්න බැරි ඇයි" යැයිද ඔහු පැවැසීය.