හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති බවත් ඔහුව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරියෙන් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවත් හිටපු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසයි.
කුමන්ත්රණකාරී සහ නීතිවිරෝධී රජයකින් දෙන සියලු පත්වීම් නීති විරෝධී බවත්, එකී නීති විරෝධී පත්වීම් ලබන්නන් ක්‍රියාත්මක කරන නියෝග වලට නීතිමය වලංගුතාවක් නැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
එලෙස නීති විරෝධී නියෝග ලබා දී රටේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යන්ට සහ කර්තව්‍යන්ට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව මේ අර්බුදය අවසන් වූ වහාම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.