රන්න වාඩිගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් සිවු දෙනකු හදුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව ඊයේ (16) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු කියති.
තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් රන්න වාඩිගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හලක සේවකයන්ට සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ඔවුන් අතරින් සිවු දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (16) පස්වරුවේ හඳුනාගෙන තිබිණි.
තත්ත්ව පාලන අංශයේ සේවකයන් සිවු දෙනකු මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර මේ අතර කළමණාකරුවකුද වන බවට හඳුනාගෙන ඇත.
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබිණි.