හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න වාඩිගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමඟ මේ වනතෙක් එම කම්හලේ සේවක සේවිකාවන්ගෙන් 500කටඅධික ප්රමාණයකගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් අද වනවිට කොවිඩ් 19 වෛරසය අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එමෙන්ම ඒ අතරින් අද (20) දින හඳුනාගත් කොවිඩ් 19 අසාදිතයින් සිවු දෙනා අඟුණුකොලපැලැස්ස හා දෙබොක්කාව යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර එහිදී දෙබොක්කාව ප්‍රදේශයෙන් හමුවූ අසාදිතයාගේ පවුලේ පස්දෙනෙකු හටද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතිබවට තහවුරු වී තිබේ.
ඒ අනුව රන්න වාඩිගල ඇඟලුම් කර්මාන්ත ශාලාවට අයත් එම පොකුර තුලින් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 19 දක්වා ඉහල ගොස් තිබේ.