තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ගැටලුවක් මතු කළේය.
පාර්ලිමේන්තුවට තමන් ඉදිරිපත් කළ හඩපට තුළ 'කුණුහරුප' ඇති බවට සඳහන් කරමින් අද දිනයේදී මාධ්‍ය ඔස්සේ පුවත් පළවී ඇති බවත් ඒ හරහා තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවත් ඔහු සිය වරප්‍රසාද ප්‍රශ්නයෙන් පැවැසීය.