වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කල විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සකාච්ජා කිරීමට සහ විධිමත් ලෙස උපදෙස් ලබා දීමට කාලයක් අවශ්‍ය බවයි කථානායකවරයා කියා සිටියේ.