අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
සිරදඩුවම් නියම වු රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කළ විමසීමකට අනුව නීතීපතිවරයා මේ බව පාර්ලිමෙන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වීමත් සමඟ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන හිස් වන බවද නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.