ශ්‍රී ලංකාවේ සිනමාවට 72ක් සපිරීම හා චිත්‍රපට සංස්ථාවට වසර 47ක් සපිරීම නිමිතිකර ගනිමින් ඊයේ (22)පැවති සංවත්සර උළෙලේදි මහාමාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍ය රංජන් රාමනායක මහතා චිත්‍රපට සංස්ථාවට එල්ල කළ වෝදනා පදනම් විරහිත බව චිත්‍රපට සංස්ථා සේවක සංගමයේ ලේකම් නිලන්ත ප්‍රසාද් සඳහන් කළේය.
ඔහු විසින් මේ අදහස් පළකරන ලද්දේ අද (23)රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යයවරයා සිදුකල ප්‍රශයට පිළිතුරු දැක්වීමට ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවති මාධ්‍යය සාකච්ජාවකට එක්වෙමිනි..
“රංජන් රාමනායක අමාත්‍යවරයා ඉතාම අභූත චෝදනාවක් සංස්ථාවට ඉදිරිපත් කළා. සේවකයෝ දිනපතා කැරම් ගසමින් මේ සංස්ථාව අගාධයට ගමන් කර තිබෙනවා කියලා. ඔහු සඳහන් කළා. මේ සංස්ථාව තුළ කැරම් බෝඩ් දහයක් තිබිලා අත්අඩංගුවට ගත්තා කියලා ඔහු සඳහන් කරනවා.
අත්අඩංගුවට ගන්න තරම් හොර බඩුනෙමෙයි. ඉතිහාසයේ සිට අද දක්වා කැරම් බෝඩ් දහකයක් තිබිලා නැහැ. අදත් කැරම් බෝඩ් දෙකක් තිබෙනවා. සමස්ත කාර්යය මණ්ඩලයේ සේවකයින් ඔවුන්ගේ දිවා විචේකය අවස්ථාවේ පැය භාගයක කාලයක් ක්‍රිඩාකරනවා.
සේවක මණ්ඩලයේ සේවකයින් 113 දෙනෙකු සිටිනවා. ඉන් 96 දෙනෙකු ප්‍රධාන කාර්යාලයේ සිටිනවා. 17 දෙනෙක් සරසවි චිත්‍රාගාරයේ සිටිනවා. මින් 10 පමණ තමයි විවේක කාලයේ ඒ කටයුත්ත සිදු කරන්නේ. මේ නිසා තමයි සංස්ථාව කඩාවැටුණා කියලා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යයවරයා කියන්නේ.”
නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා